ඔබේ සබඳතාවයේ ගැටලුව, ඇත්තටම ඔබේම මානසික ගැටලුවක්ද?
Is Your Relationship Problem Your Own Psychological Issue?
ආදර සබඳතාවයක හෝ විවාහයක ගැටුමක් ඇති වූ වහාම අපගේ මනස ස්වභාවයෙන්ම පෙළඹෙන්නේ අනෙක් පුද්ගලයාට ඇඟිල්ල දිගු කිරීමටයි.
"මේ හැමදේටම වරදකරු ඔයා" යන චෝදනාව අපට ඉතා සුලභ අත්දැකීමක්.
නමුත්, ඔබ කවදා හෝ මඳක් නැවතී සිතා බලා තිබේද,
ඔබ අත්විඳින එම අර්බුදයේ සැබෑ මූලය සහකරු නොව ඔබ තුළම සැඟවී තිබිය හැකි බව?
සම්බන්ධතා පිළිබඳව මතුපිටින් නොබලා, මනෝවිද්‍යාත්මකව ටිකක් ගැඹුරින් සිතන්නට කැමති ඔබට, සබඳතා ගැටලු පිටුපස ඇති සැඟවුණු න්‍යායන් කිහිපයක් ඉතා සරලව පැහැදිලි කිරීමට මෙම ලිපිය වෙන් කරමු.
ගැටලුව ඔබ තුළම සැඟවී ඇති බව හඳුනා ගන්නේ කෙසේද?
බොහෝ සබඳතා බිඳ වැටෙන්නේ එකිනෙකාට ආදරය නොමැති නිසාෙනෙමයි තමන්ගේම අභ්‍යන්තරයේ ඇති නොවිසඳුණු මානසික ගැටලු (Unresolved psychological issues) සහකරු මතින් පිට කිරීමට උත්සාහ කිරීම නිසාවෙනි. සායනික මනෝවිද්‍යාවට අනුව මෙයට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි.
1. ප්‍රක්ෂේපණය (Projection): ඔබේ අඩුපාඩු සහකරුගෙන් දැකීම
මනෝවිශ්ලේෂණ න්‍යායන්ට අනුව ප්‍රක්ෂේපණය යනු අපගේ මනස විසින් අපව ආරක්ෂා කරගැනීමට භාවිතා කරන යාන්ත්‍රණයකි. අප තුළ පවතින, නමුත් අප පිළිගැනීමට අකමැති දුර්වලතා, බිය හෝ අනාරක්ෂිත හැඟීම් නොදැනුවත්වම සහකරු වෙත ආරෝපණය කිරීම මෙයින් අදහස් වේ.
එක්තරා පුද්ගලයෙකු තම ව්‍යාපාරික කටයුතු හෝ මූල්‍ය ආයෝජන පිළිබඳව දැඩි මානසික පීඩනයකින් පසුවන බව සිතන්න. ඔහුට එම ආතතිය නිසි ලෙස කළමනාකරණය කරගත නොහැකි වූ විට, නිවසට පැමිණ සුරතලයට ඇති කරන සතෙකුට හෝ තම බිරිඳට කුඩා අතපසුවීමකදී පවා දැඩි ලෙස දොස් පවරයි. මෙහිදී ඔහු අරගල කරන්නේ බිරිඳ සමඟ නොව, තමා තුළම පවතින අනාරක්ෂිත හැඟීම (Insecurity) සමඟයි.
2. ළමා වියේ බැඳීම් රටාවන් (Attachment Styles) සහ අතීත කම්පන
ඔබ අද ගැටුමකදී ප්‍රතිචාර දක්වන ආකාරය බොහෝවිට තීරණය වී ඇත්තේ ඔබේ මුල් ළමාවියේදීයි. ළමා කාලයේදී දෙමාපියන්ගෙන් ලැබුණු ආදරයේ ස්වභාවය මත වැඩිහිටි වියේ සබඳතා රටාවන් නිර්මාණය වේ. මෙය මනෝවිද්‍යාවේ "බැඳීම් න්‍යාය" (Attachment Theory) ලෙස හැඳින් ෙවනවා.
එක් සහකරුවෙකු තම මිතුරන් සමඟ සාදයකට සහභාගී වී සමාජශීලීව කාලය ගත කරන විට,
නිවසේ සිටින අනෙක් සහකරුට දැඩි අනාරක්ෂිත බවක් සහ කෝපයක් දැනෙන අවස්ථාවක් සිතන්න.
මෙය බොහෝවිට සහකරුගේ වරදක් නොව, ළමා වියේදී හෝ අතීත සබඳතාවකදී තමන්ට දැනුණු ප්‍රතික්ෂේප වීමේ භීතිය (Anxious attachment/Fear of abandonment) වර්තමානයට ගෙන ඒමකි.
සහකරුගෙන් කෙටි පණිවිඩයකට පිළිතුරු ලැබීම ප්‍රමාද වූ විට පවා මොවුන් දැඩි ලෙස කෝපයට පත්වන්නේ මේ නිසාවෙනි.
ඔබේම මානසික ගැටලු සබඳතාවයට බලපාන ප්‍රධාන ලක්ෂණ
ඔබේ සබඳතාවය තුළ නිරන්තරයෙන් ගැටුම් ඇතිවන්නේ නම්, සහකරුට දොස් පැවරීමට පෙර පහත කරුණු පිළිබඳව ස්වයං අවධානයක් යොමු කරන්න:
- ප්‍රතිචාරයේ තීව්‍රතාවය (Emotional Dysregulation): සිදුවූ වරදට වඩා ඉතා විශාල චිත්තවේගීය ප්‍රතිචාරයක් (කෝපය හෝ හැඬීම) ඔබෙන් නිරන්තරයෙන් පිටවීම
- පුනරාවර්තන රටා (Recurring Patterns): ඔබ මීට පෙර සිටි සබඳතාවලදීත් හරියටම මෙවැනිම ගැටලු, කෝපවීම් හෝ සැකකිරීම් ඇතිවී තිබීම.
- වගකීම භාරගැනීමට ඇති අකමැත්ත: සෑම ගැටුමකදීම 100% ක් වැරැද්ද සහකරුගේ යැයි ඔබ තදින්ම විශ්වාස කිරීම සහ ඔබගේ වැරදි කිසිසේත් නොපෙනීම.
සුවපත් සබඳතාවයක් සඳහා සායනික මනෝවිද්‍යාත්මක විසඳුම්
ආදර සබඳතාවක් යනු අපගේම අභ්‍යන්තරය පෙන්වන කැඩපතක් වැනිය.
ගැටලුව ඇත්තේ ඔබ තුළම බව හෝ එය ඔබගේ අතීත අත්දැකීම්වල ප්‍රතිඵලයක් බව ඔබට හැඟෙන්නේ නම්, එය දුර්වලතාවයක් නොව, සුවපත් වීමට ඇති හොඳම අවස්ථාවයි.
තමාගේ පෞරුෂයේ ඇති ගැටලු සුවපත් කර නොගෙන, සබඳතාවයක් කිසිදිනෙක සුවපත් කළ නොහැක.
මේ සඳහා කළ යුතු හොඳම දෙය නම්, සිහියෙන් යුත් ජීවිතයක් (Mindful life) පුහුණු කිරීම සහ සුදුසුකම් ලත් උපදේශන මනෝවිද්‍යාඥවරයෙකු (Counseling Psychologist) හමුවී නිසි මනෝචිකිත්සක ප්‍රතිකාර (Psychotherapy) වෙත යොමුවීමයි.
නිවැරදි වෘත්තීය මඟ පෙන්වීම තුළින්, ඔබට වඩාත් නිරෝගී මනසක් මෙන්ම ගැඹුරු චිත්තවේගීය සමීපතාවයකින් යුත් සුන්දර සබඳතාවයක් ද ගොඩනඟා ගත හැකිය.
Tags:
Relationship


